ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

මෙරට සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ අල් හුසේන් කුමරුගේ වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයට

by Staff writer 21-03-2018 | 7:17 AM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ යාවත්කාලීන වාර්තාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර සැසිවාරය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ වන විට ජිනීවා වෙත ගොස් සිටින අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා යන අමාත්‍යවරුන් ඊට ඇතුළත් ය. මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය යන අයතනවල නිලධාරීන් ද මෙම නියෝජිත පිරිසට ඇතුළත් වන බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය.