නිල සංචාරයක් සඳහා ජනපති හෙට පකිස්ථානයට

නිල සංචාරයක් සඳහා ජනපති හෙට පකිස්ථානයට

by Hashini De Mel 21-03-2018 | 5:36 PM

COLOMBO (News 1st) - පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ, පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසෙන් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනයකට අනුව ය. සිය දෙදින නිල සංචාරය තුළදී ජනාධිපතිතුමා පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා මෙන් ම අග්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පකිස්ථාන ජනරජ දිනය මාර්තු මස 23 වන දාට යෙදී තිබේ. https://www.youtube.com/watch?v=6Bx7NAr3YTo