ඇප ඉල්ලා ඇලෝසියස්ගෙන් හා පලිසේනගෙන් ඇපෑලක්

ඇප ඉල්ලා ඇලෝසියස්ගෙන් හා පලිසේනගෙන් ඇපෑලක්

by Staff writer 21-03-2018 | 12:08 PM
COLOMBO (Newsfirst) - බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන සැකකරුවන් තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඇපෑලක් යොමු කර තිබේ. සැකකරුවන් එම ඇපෑල මගින් ඉල්ලා ඇත්තේ, මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් තමන්ට ඇප ලබා දෙන ලෙස ය. එම සැකකරුවන් දෙදෙනා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.