කෝප් සභාවේ 05 වන කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

කෝප් සභාවේ 05 වන කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

by Hashini De Mel 21-03-2018 | 3:34 PM

COLOMBO (News 1st) - කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 05 වන කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි. කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ, විමර්ශනය කළ රාජ්‍ය ආයතනවලට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශ සඳහා එම ආයතන ලබා දුන් ප්‍රතිචාර ද මෙවර වාර්තාවට අමුණා ඇති බවයි. මේ යටතේ රාජ්‍ය ආයතන 05 ක් 100% ක් ප්‍රතිචාර දක්වා ඇති බවත්, ආයතන 04ක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ය.