ආනයනික උඳු සඳහා රුපියල් 50 ක බද්දක්

ආනයනික උඳු සඳහා රුපියල් 50 ක බද්දක්

by Hashini De Mel 21-03-2018 | 5:23 PM

COLOMBO (News 1st) - උඳු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක ආනයන බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ, දේශීය උඳු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ය. ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙකු සඳහන් කළේ, ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව එම තීරණයට එලඹි බවයි. දැනට ආනයනික උඳු කිලෝග්‍රෑම් එකක් සඳහා අය කරන බද්ද රුපියල් 100 ක් වේ. ඒ අනුව නව බදු සංශෝධන යටතේ අනයන කරන උඳු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 150ක බද්දක් පැනවෙනු ඇත.