කැලණි ගඟේ ජලය කළු පැහැ වෙයි

අවිස්සාවේල්ල, කුඩගම ප්‍රදේශයෙන් කැලණි ගඟට අපද්‍රව්‍ය

by Hashini De Mel 21-03-2018 | 9:42 PM

 COLOMBO (News 1st) - අවිස්සාවේල්ල, කුඩගම ප්‍රදේශය ආශ්‍රිතව කැලණි ගඟට අපද්‍රව්‍ය එක්වීමෙන් ජලය  කළු පැහැයක් ගෙන තිබේ.

ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ, සීතාවක ආයෝජන කලාපයෙන් බැහැර කෙරෙන අපවිත්‍ර ජලය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගවී ඇති බවයි. කැලණි ගඟේ ජලය මෙලෙස කළු පැහැ ගැන්වී ඇත්තේ, කුඩගම ඇළ ගංගාවට එක්වන ස්ථානය ආසන්නයේ ය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එම ඇළ මාර්ගය සීතාවක ආයෝජන කලාපය ආසන්නයෙන් වැටී ඇති බවයි.‍ මෙම ස්ථානේ සිට කිලෝමීටර් 10 ක් පහළ ප්‍රදේශයේ පුගොඩ ජල පොම්පාගාරය ද පිහිටා තිබේ. https://www.youtube.com/watch?v=iy5rtN5SyXU