BREAKINGඅගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි

හිටපු ජනපති අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාර දෙයි

by Sagarika Chathumali 21-03-2018 | 2:35 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ විසින් මීට ටික වේලාවකට පෙර කථානායක කරු ජයසූරිය මහතාට භාර දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ, ඊට මන්ත්‍රිවරුන් 55 දෙනෙකු අත්සන් තබා ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායමක් එම අවස්ථාවට එක් ව සිටියහ.