ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගයේ ජය පකිස්ථානයට

ශ්‍රී ලංකාවට එරෙහි කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය පකිස්ථානයට

by Hashini De Mel 20-03-2018 | 7:50 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පකිස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 69ක ජයක් වාර්තා කර තිබේ.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 250කි. ජැවේරියා ඛාන් නොදැවී ලකුණු 113 කි. ශශිකලා සිරිවර්ධන ලකුණු 40ට කඩුලු 2ක් දවා ගත් අතර චමරි අතපත්තු ලකුණු 48ට කඩුලු 2ක් දවා ගත්තා ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 46ක් රැස් කර ඇත. ශශිකලා සිරිවර්ධන ලකුණු 44 කි. බිස්මා මහරූෆ් ලකුණු 17ට කඩුලු 3ක් දවා ගත්තා ය. පන්දුවාර 42යි පන්දු 2කදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 181කට දැවී ගොස් තිබේ.