විශ්වාසභංගයෙන් උණුසුම් වූ රටේ දේශපාලනය

විශ්වාසභංගයෙන් උණුසුම් වූ රටේ දේශපාලනය

by Hashini De Mel 20-03-2018 | 9:58 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම්වන බව කියන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබයි ද?

අප මේ පිළිබඳව මහජන මතය විමසීමට ලක් කළෙමු. අද රාත්‍රි 8.00 වනවිට එහි ප්‍රතිඵල මෙසේයි. 65 % පවසා තිබුනේ මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභාංගයට අත්සන් නොකරනු ඇති බවයි. තව ත් 35% ඔහු ඊට අත්සන් තබනු ඇතැයි පවසා තිබුණි. විශ්වාසභාංගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කරයි ද නැත් ද යන්න පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළේ ය. මේ ඊට දුන් පිළිතුර,
අ...... අද දවස ඇතුළත පණිවිඩ දෙන්නම්.
විශ්වාසභාංගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කරයි ද නැත් ද යන්න පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතාගෙන් විමසීමක් කළේ ය. මේ ඊට දුන් පිළිතුර,
විශ්වාසභංග යෝජනාව අකුලාගෙන නැහැ. විශ්වාසභංග යෝජනාව ආරම්භ කළේ රංගේ බණ්ඩාර මන්ත්‍රිතුමා සහ වසන්ත සේනානායක කියන ඇමතිවරු, එකේ ඒගොල්ලෝ නොකරන නිසා අපට කරන්න කියලා කිව්වා ඒ අනුව අපි දැන් කරාගෙන යනවා. ඒකාබද්දේ ඔක්කොම අපි අත්සන් කරලා ඉවරයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කරන්න පටන්ගන්නවා. මං හිතන්නේ මේ සියලු දෙනාම එකතුවෙලා මේ කටයුත්ත කරයි කියලා බලාපොරොත්තුව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන දෙදෙනෙකු දැනටමත් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇත. පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක මහතා ඒ බව විවෘතව ප්‍රකාශ කළ අතර නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ද යෝජනාවට අත්සන් කළ බව ප්‍රකාශ කළේ ය. විශ්වාසභාංගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කරයි ද නැත් ද යන්න පිළිබඳ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතාගෙන් විමසීමක් කළේ ය. මේ ඊට දුන් පිළිතුර,
ඊයේ ත්‍රිකුණාමලයේ ඉඳන් තකහනියක්ම ගිහිල්ලා 14 වෙනියට අත්සන් කළා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ, මේ කාලසීමාව තුළ කරලා තියන ජනතා විරෝධී ක්‍රියාකාරකම් නිසා එතුමාව ඉවත් කළ යුතු නිසා ඒක මං ස්වකීය කැමැත්තෙන්ම කරනවා.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා BBC සිංහල සේවය සමග පවසා තිබුනේ, පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.
විශ්වාසභංගය ගැන නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙන නැහැ. සාකච්ඡාවක් පවත්වලත් නැහැ. ඒ වගේම විශ්වාසභංගයට මුල්වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනාවක් කරලා හෝ සාකච්ඡාවක් පවත්වලා නැහැ. පුද්ගලිකව ගත්තොත් එහෙම මේ විශ්වාසභංග යෝජනාවට මම පැහැදිලිවම විරුද්ධයි. මේ ආණ්ඩුවට යම්කිසි උත්තරයක් ලැබිලා තියනවා නම් මේ මැතිවරණයෙන් ඒ උත්තරේ දුමින්දත් වගකියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයත් වගකියන්න ඕන. ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වගකියන්න ඕන කම තියනවා තනි පුද්ගලයෙක් මේ වගකීම භාරගන්න පුලුවන්කමක් නැහැ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයට රැස්වී තීරණය කර තිබුනේ නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් විශ්වාසභංගයට අත්සන් කරන්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි. විශ්වාසභාංගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කරයි ද නැත් ද යන්න පිළිබඳ විදුලි බල හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගෙන් විමසීමක් කළේ ය. මේ ඊට දුන් පිළිතුර,
එහෙම දැක්වුවොත් අපි තාම දැකලා නෑනේ එහෙම දැක්වුවොත් ඔවුන් මේ රජය තුළ ඉන්න බෑ ඔවුන් යා යුතුයි. ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය අත්සන් කරලා ආණ්ඩුවේ ඉන්න බෑනේ. අත්සන්කලොත් බලාගමු
තව ද කැබිනට් මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ විශ්වාසභාංගය හා ආණ්ඩුවේ අනාගතය පිළිබඳව අවධානය යොමුවී තිබේ. කැබිනට් රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අගමැතිවරයා ද ඊට සහභාගිවී සිටියේ ය. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවේ ගමන පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්කර තිබූ අතර රාජිත සේනාරත්න මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. මේ ඒ පිළිබඳ ජාතික භාෂා සහ සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් දැක් වූ අදහස,
59 වන කැබිනට් සංදේශය හැටියට අපේ චම්පික රණවක ඇමතිතුමා රජයේ ස්ථාවරත්වය හා රටේ අනාගය සම්බන්ධව ක්‍රියාමාර්ග මොකද කරන්න ඕන කියලා යෝජනා කළා. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ඇතිවුනේ නැත්තම් අපි කඩා වැටෙනවා කියලා කිව්වා. එතුමාට එකඟව කතා කළා අපේ රාජිත සේනාරත්න ඇමතිතුමා එතුමා කිව්වා නැත්තම් අපි වෙනම තීන්දුවක් ගන්න වෙනවා කියලා කිව්වා. මමත් කියන්නේ එහෙමයි මේ ආණ්ඩුව යන පාර යන ගමන යන විදිහ හොඳ නැහැ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඉඳලා කතා කරලා වැඩක් කරගන්න ඕන. නැත්තම් වෙනසක් වෙනවා. වෙනසක් වෙනවා කියන්නේ අනාගතයේ මැතිවරණ වෙනසක් නෙවෙයි ඒ යන්ඩ ඉස්සර අපිත් වෙන තීන්දුවක් ගන්න වෙනවා.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පළ කළ අදහස,
වෙනම ආණ්ඩු හැදෙන්නේ නෑ. එක ආණ්ඩුවයි තියෙන්නේ. ඒක යන්න ඕන මිනිසුන්ගේ සුබ සිද්ධිය උදෙසා ගොවියන්ට දෙන පොහොර සහනාධාරය දෙන්න ඕන වෙනදා දෙන ආකාරයට. ගොවීන් ඉල්ලන ආකාරයට. පාසල් නිල ඇඳුම දෙන්න ඕන. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබාදුන්න ආකාරයට ගෙවල් ටික හැදෙන්න ඕන පාරවල් ටික හැදෙන්න ඕන රැකියා බිහිවෙන්න ඕනා.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පළ කළ අදහස,
ජනාධිපතුමාත් එක්ක මං කතා කරද්දි අගමැතිතුමාත් එක්ක තව ත් සාකච්ඡාවක් දැනට කරන්න තීරණය කරලා තියනවා කියලා කිව්වා. විශ්වාසභංගය අතහැරිය යුතුයි කියන අන්දමින් තමයි මේ දෙපලම කතා කළේ. තරුණ මන්ත්‍රීවරුන් පිරිසකට අලුත් ගමනක් යාම සඳහා ඒ බලතල ලබාදීලා රජයේ අලුත් වැඩපිළිවෙළක් සකස්කල යුතුයි කියන එක පිළිබඳව අවධාරණය කළා. අපිටත් වෙන ගමන් යන්න සිදුවේවී කියන යම් අනාවැකියන් ගැනත් කිව්වා. https://www.youtube.com/watch?v=pjsYkLmvp6A