විමල්ට හා ජයන්තට නිකුත් කළ වරෙන්තුව යළි කැඳ වෙයි

විමල් වීරවංශ හා ජයන්ත සමරවීර ට නිකුත් කළ වරෙන්තුව යළි කැඳ වෙයි

by Hashini De Mel 20-03-2018 | 6:32 PM

COLOMBO (News 1st) - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිකුත් කළ වරෙන්තුව යළි කැඳවීමට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද නියෝග කර තිබේ.

ඒ, ඊයේ අධිකරණය හමුවේ පෙනි නොසිටි විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙනි. ඒ අනුව වරෙන්තුව යළි කැඳ වූ මහේස්ත්‍රාත්වරයා නියමිත දිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනාට අවවාද කළේ ය. ඔවුන් දෙදෙනාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ මෙරට සංචාරයට විරෝධය දක්වමින් 2016 පෙබරවාරි 06 වන දා මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම ඇතුලු චෝදනා මත වේ.