ලොව අවසන් උතුරු සුදු පිරිමි රයිනෝ මිය යයි

ලොව අවසන් උතුරු සුදු පිරිමි රයිනෝ මිය යයි

by Hashini De Mel 20-03-2018 | 4:35 PM

COLOMBO (News 1st) - ලොව ජීවත්ව සිටි අවසාන උතුරු සුදු පිරිමි රයිනෝ සත්වයා මියගොස් තිබේ.

සුඩාන් නමැති මෙම සුදු රයිනෝ මාස ගණනාවක් ගිලන් ව සිටි බව විදෙස් වාර්තාහි සඳහන් ය. වයස්ගතවන විට ඇති වූ සංකූලතා උග්‍රවීම හේතුවෙන් සුඩාන් නිද්‍රාවට පත් කිරීමට ඔහු රැකබලාගත් සත්වෝද්‍යානයේ බලධාරීන් පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, මිය යන විට සුඩාන් 45 වැනි වියේ පසු වූ බවයි. සුඩාන් මියයන තෙක් කෙන්යාවේ ඔඑල් පිජෙටා සංරක්ෂණ සේවා ස්ථානයේ රැඳී සිටියේ ය. සුඩාන්ගේ මිය යාමත් සමග උතුරු සුදු රයිනෝ සත්ත්ව විශේෂයේ ලොව ඉතිරිව ඇත්තේ තව ත් ගැහැණු රයිනෝ සතුන් දෙනෙකු පමණි. IVF ක්‍රමය ඔස්සේ කෘතිමව එම ගැහැණු රයිනෝවන් ගැබ් ගන්වා මෙම සත්ත්ව විශේෂය රැක ගැනීමට සත්ත්ව සංරක්ෂකයින් බලාපොරොත්තුවන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.