ලංකාවට මිලියන 2.5 ඉක්ම වූ සංචාරක ආකර්ෂණයක්

ලංකාවට මිලියන 2.5 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇතැයි ජෝන් අමරතුංග කියයි

by Hashini De Mel 20-03-2018 | 5:29 PM

COLOMBO (News 1st) - මේ වසරේදී ශ්‍රී ලංකාවට මිලියන 2.5 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග පවසා තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලසීමාව තුළ උද්ගත වූ කැළඹිලි සහගත තත්ත්වය නිමාවීමෙන් අනතුරුව මෙරටට එරෙහිව පනවා තිබූ සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත්කර ගන්නා ලෙස චීන පුවත් ඒජන්සියට ද දැනුම් දුන් බවයි. ජාත්‍යන්තර ගෝල්ෆ් තරගාවලියක් සහ ජාත්‍යන්තර කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම් ඇතුළත් සංදර්ශන ඇතුලු විවිධ අවස්ථා ගණනාවක් ඔස්සේ මේ වසරේ විදේශික සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.