යාන් ඔයට යටවෙන ගෝමරණ්කඩවලින් මතු වූ ඉතිහාසයේ සලකුණ

යාන් ඔයට යටවෙන ගෝමරණ්කඩවලින් මතු වූ ඉතිහාසයේ සලකුණු

by Staff writer 20-03-2018 | 1:24 PM
COLOMBO (Newsfirst) - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරණ්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඹුරුගස්වැව ගම්මානයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සොහොන් කොත් 131ක් හමුවී තිබේ. පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව සිදු කළ කැනීම්වලදී මෙය සොයාගෙන තිබේ. පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සොහොන් කොත් මෙගලිතික යුගයට අයත් බව ය. සාමාන්‍යයෙන් මෙතෙක් සොයා ගනු ලැබූ සොහොන් කොත් සියල්ල ම පොළොවෙන් යට තිබූ ඒවා ය. නමුත් පඹුරුගස්වැවින් හමු වූ මෙගලිතික යුගයට අයත් මෙම සොහොන් කොත් පොළොවෙන් මතුපිට තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ඉතා නුදුරේදී ම යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සොහොන් කොත් ජලයෙන් යටවීමට නියමිත ය.