ප්‍රංශයේ හිටපු ජනපති නිකලොස් සාර්කෝසි අත්අඩංගුවට

ප්‍රංශයේ හිටපු ජනපති නිකලොස් සාර්කෝසි අත්අඩංගුවට

by Hashini De Mel 20-03-2018 | 10:28 PM

COLOMBO (News 1st) - හිටපු ප්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගෙන් ආධාර මුදල් ලබාගැනීමේ චෝදනා මත ය. 2007 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගඩාෆිගෙන් මුදල් ආධාර ලබාගෙන ඇතැයි ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලොස් සාර්කෝසිට චෝදනා එල්ලවී තිබේ. හිටපු ජනපතිවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මුල්වරට විමර්ශන ආරම්භ කළේ, 2013 වසරේදී ය. නීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා සඳහා මුදල් ලබාගත් බවට එල්ලවන මෙම චෝදනා සාර්කෝසි ප්‍රතික්ෂේප කරන බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ. සාර්කෝසිගේ හිටපු ආධාරකුරුවෙකු වන ඇලෙක්සැන්ඩ්ර් ඩෝරි ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. ලිබියානු විමර්ශන සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු මෙන්ම සාර්කෝසිගේ සමීපතමයකු වන බ්‍රයිස් හෝර්ටිෆෝක්ස් ගෙන් ද මේ වන විට ප්‍රශ්න කෙරෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2009 වසරේ අප්‍රේල් හා සැප්තැම්බර් මාසවල අවස්ථා දෙකකදී ලිබියාවේ සංචාරය කරමින් කර්නල් මුවමර් ගඩාෆි හමු විය. මෙම කාසීමාවේ ඔවුන් අතර සිදු වූ දුරකතන සංවාදයක් ද ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක්වී තිබුණි.