පසුගිය වසරේ ආර්ථික වර්ධනය 3.2% ක් දක්වා පහළට

පසුගිය වසරේ ආර්ථික වර්ධනය 3.2% ක් දක්වා පහළට

by Hashini De Mel 20-03-2018 | 7:39 PM

COLOMBO (News 1st) - 2017 වසරේ සිව්වන කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය 3.2% දක්වා අඩුවී තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම දත්ත පසු ව ඉවත්කරගත් අතර අද නිවැරදි සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර තිබේ. අද ප්‍රකාශයට පත් වූ සංඛ්‍යා දත්ත අනුව පසුගිය වසරේ කෘෂි ආර්ථික කටයුතු -0.8% ක පසුබෑමක් පෙන්නුම් කර ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසූවේ, අයහපත් කාලගුණ තත්ත්වය ඊට බලපාඇති බවයි. පසුගිය වසරේ කර්මාන්ත කටයුතු 3.9% ක් ලෙස වර්ධනයවී ඇති අතර සේවා අංශය 3.2% කින් වර්ධනයවී තිබේ.