නිමක් නොමැති පාතාලය

නිමක් නොමැති පාතාලය

by Chathuranga Rajapaksha 20-03-2018 | 10:34 PM
COLOMBO (Newsfirst) - මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් 8 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ. ප්‍රධාන පාතාල කණ්ඩායම් 3 ක් අතර ගැටුම මෙම ඝාතනවලට හේතු වී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේය. ඊයේ දහවල් කොළඹ, කොටුව, මැසේන්ජර් විදියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝතනය කළ අතර තව ත් අයෙකු පස්වරුවේ අතුරුගිරිය ප්‍රදේශයේදි වෙඩි තබා ඝතනය කළේය. මෙම ඝාතන දෙකටම දැනට විදේස්ගතව සැඟවි සිටින මාකඳුරේ මධුෂ් නමැත්තා සම්බන්ධ බවට පොලීසිය විසින් සැක කරනු ලැබේ. 2016 වසරේ රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයකු වූ මාකඳුරේ හර්ෂ, රණාලේ සමයං නමැත්තා විසින් ඝතනය කිරිමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර විරසකයක් හටගෙන තිබුණි. තනිල් බණ්ඩාර නොහොත් බණ්ඩා නැමැත්තා අතුරුගිරිය ප්‍රදේශයේදි සමයංගේ පිරිසක් විසින් වෙඩි තබා ඝතනය කළේ, අනතුරුව 2017 ජනවාරි 17 වැනිදා ය. මේ අතර වාරයේ 2017 පෙබරවාරි 27 වැනිදා සමයං ඇතුළු ඔහුගේ සගයින් 5 දෙනෙකු කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයේදී ඝාතනය ලක්විය. එම ඝාතනවලට අංගොඩ ලොක්කා හා මාකඳුරේ මධුෂ් නමැත්තා සම්බන්ධ බවට පසුව පොලීසිය ප්‍රකාශ කළේය. එම ඝාතනයෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ අංගොඩ ලොක්කා සහ ඔහුගේ සගයකු වු ලැඩියා නැමැත්තා රටින් පලාගොස් තිබුණි. මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කා නැමැත්තන් එක්ව සමයංගේ පිරිස් වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කර තිබුණේ මෙවැනි පසුබිමක් තුළයි. තනිල බණ්ඩාර නැමැත්තා ඝාතනය කිරීමට තොරතුරු ලබා දුන් බව කියන අතුරුගිරියේ රුපලාවන්‍ය ශිල්පිණියක වූ මංජුලා සදුනි ද පසුගිය වසරේ ඝාතනයට ලක්විය. ඉන් අනතුරුව ස්ථාන කිහිපයකදි පුද්ගලයින් ඉලක්ක කර වෙඩි තැබිමි සිදු වු අතර පසුගිය පෙබරවාරි මස 16 වැනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ ද කුලීරථ සැපයුම් සමාගමක හිමිකරුවෙකු ඝාතනයට ලක්විය. ඔහු සැළකෙන්නේ මාකඳුරේ මධුෂ් නමැත්තාගේ සමීපතයෙකු ලෙස ය. මෙම මරණය සම්බන්ධයෙන් සමයං නමැත්තාගේ ගෝලයින්ට චෝදනා එල්ල වූ අතර වෙඩි තැබීමට පැමිණි එක් අයෙකු එම ස්ථානයේම පහරකෑමට ලක්ව මිය ගියේය. එම ස්ථානයෙන් පලා ගිය සමයංගේ අනෙක් සගයා වූ කොස් මල්ලී නමැත්තාගේ හිම පසුගිය 7 වනදා කොළඹ අධිකරණ සංකීර්ණය අසළින් හමුවූ අතර සිරුර ඊයේ අඟුණුකොලපැලැස්සෙන් සොයා ගැනිණි. එමෙන්ම පසුගිය වසරේ නොවැම්බර් මස 19 වැනිදා බොරැල්ල ප්‍රදේශයේදි වෙඩි තබා ඝතනය කළ අසිත කුමාර නොහොත් ආමි අසිත නමැත්තා ද මාකඳුරේ මධුෂ්ගේ සොහොයුරා වු මාකඳුරේ හර්ෂ ඝාතනය කළ සමයං පාර්ශවයේ අයෙකු බව ද සඳහන් ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා (අණ දෙන නිලධරී - විශේෂ කාර්ය බලකාය) "මේ සිද්ධීන් පසුතලය බැලුවාම අන්තිමට සිදුවිමක් තිබුණා පෙබරවාරි 23 වැනිදා විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත වත්තල ප්‍රදේශයේ සිදුවිමක් සිදු විය. මෙම සිදුවිමි දෙස බලන අවස්ථාවේදි රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් ඇවිල්ලා ඇප මත එලියට ආපු පුද්ගලයින් කිහිප දෙනෙකු මැතකදි ආපු පැය 48 ඇතුලත ආපු පුද්ගලයින් සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂ කාර්ය බලකාය ප්‍රාදේශිය පොලිසිය සමඟ එකතු වෙලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ" මේ අතර ගතවූ මාස කිහිපය තුල නීතිය හා සාමය අමාත්‍ය ධූරයට තුන්දෙනෙකු පත්විය. වත්මන් රජය බලයට පත්විමෙන් අනතුරුව නිතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා පසුගිය පෙබරවාරි 26 වනදා දක්වා එම ධුරය කටයුතු කළේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ දිවුරුම් දුන් අතර මාර්තු මස 8 වනදා සිට රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නීතිය හා සාමය ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබේ. https://www.youtube.com/watch?v=HkvukYqAxp8