ජා-ඇළ ගෑස් කාන්දුව හේතුවෙන් තවත් 30ක් රෝහලේ

ජා-ඇළ ඒකල කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දුව හේතුවෙන් තවත් 30 දෙනෙකු රෝහල්ගත කෙරේ

by Staff writer 20-03-2018 | 2:21 PM
COLOMBO (Newsfirst) - ජා-ඇළ ඒකල කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දුව හේතුවෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු අද රෝහල්ගත කර තිබේ. ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මුදිත කරුණාතිලක මහතා පැවසුවේ, අදාළ පිරිස අද පෙරවරුවේ රෝහල්ගත කළ අතර ඔවුන් මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ය. ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ නොවන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර ඊයේ සිදුවූ එම ගෑස් කාන්දුව හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 42 දෙනෙකු පමණ ඊයේ දිනයේ ද රාගම රෝහලට ඇතුළත් කෙරිණි. https://www.youtube.com/watch?v=OzoeCG0vb70