ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් යයි

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් යයි

by Hashini De Mel 20-03-2018 | 7:59 PM

COLOMBO (News 1st) - ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන මස 2 වන දා දක්වා කල් දැමූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය පවසා තිබේ.

ඒ, තරග පැවැත්වීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා කටයුතු තවමත් අවසන් නොවීම හේතුවෙනි. මීට පෙර මාර්තු 25 සිට 28 දක්වා දින 4ක් මෙම තරග පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් ලබන මස 2 වන දා ආරම්භ වන ශූරතාවලියේ තරග පැවත්වෙන ක්‍රීඩාංගණය පිළිබඳව තවමත් තීරණය කර නොමැති අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය සඳහන් කළේ, සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා කටයුතු අවසන් නොවනුහොත් අදාළ තරග දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති බවයි.