ගාල්ල, දොඩන්දූවේ ඇති වූ ටොනේඩෝව

ගාල්ල, දොඩන්දූවේ ඇති වූ ටොනේඩෝව

by Staff writer 20-03-2018 | 7:42 AM
COLOMBO (Newsfirst) - ගාල්ල, දොඩන්දූව ආසන්න මුහුදේ ටොනේඩෝ තත්ත්වයක් ඇතිව තිබේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, සවස 5.45ට පමණ මෙම ටොනේඩෝ තත්ත්වය ඇති වූ බව ය. එය විනාඩි 15ක් පමණ පැවැති බව ද වාර්තා වේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, ටොනේඩෝව සමග විශාල ජල කඳක් ඉහළට යන ආකාරය දුටු බව ය. මෙම අවස්ථාවේදී සුළං තත්ත්වයක් ද ප්‍රදේශය පුරා පැවැති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, මින් පෙර මෙවන් විශාල ටොනේඩෝවක් දැක නැති බව ය. මේ ටොනේඩෝව ඇති වන අවස්ථාවේ ජංගම දුරකතනයකින් පටිගත කළ දර්ශන කිහිපයක්.