කොදෙව් ක්‍රීඩකයෝ පකිස්ථානයෙන් ඩොලර්25,000ක් ඉල්ලති

කොදෙව් ක්‍රීඩකයෝ පකිස්ථානයෙන් ඩොලර් 25,000ක් ඉල්ලති

by Sagarika Chathumali 20-03-2018 | 2:58 PM

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියට සහභාගී වීම සඳහා එක් තරයක් සඳහා අමෙරිකානු ඩොලර් 25,000ක් ඉල්ලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ක්‍රීඩකයින්ගෙන් පකිස්ථාන සංචාරය සඳහා 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි. මෙම තරගාවලිය අප්‍රේ 1,2,3 දිනවලදී පකිස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මීට පෙර 2009 වසරේදී ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට අවදානම් සහගත ආරක්ෂිත තත්ත්වය හේතුවෙන් සංචාරය කිරීමට ජාත්‍යන්තර කණ්ඩයම් එක් නොවී ය. 2015 වසරේදී පාකිස්ථානයේ සංචාරය කළ සිම්බාබ්වේ ක්‍රීඩකයින් වෙනුවෙන් පකිස්ථාන ක්‍රිකට් ආයතන අමෙරිකානු ඩොලර් 12,500ක් ගෙවීමට කටයුතු කළේ ය.