කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක වූ මුදල් කොල්ලය

කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක වූ මුදල් කොල්ලය

by Hashini De Mel 20-03-2018 | 10:13 PM

COLOMBO (News 1st) - කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවකට කඩා වැදුණු පුද්ගලයෙකු එහි තිබු රුපියල් මිලියනයකට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 1.20 ට පමණ පැමිණි කොල්ලකරු තියුණු ආයුධයක් පෙන්වා සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා ඇති බවයි. කොල්ලකරු යතුරුපැදියකින් පළා ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළේ ය. කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=UDzms2eM3TY