උරුමයේ අරුමය සමග මුහුදට බිලි වන Easter දූපත

උරුමයේ අරුමය සමග මුහුදට බිලි වන Easter දූපත

by Sagarika Chathumali 20-03-2018 | 9:05 AM

පැසිෆික් සාගරයේ පිහිටි ලෝක උරුමයක් වන ඊස්ටර් දිවයින මුහුදට බිලිවීමේ අවදානමක් ඇතැයි, යුනෙස්කෝ සංවිධානය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, දේශගුණ විපර්යාස හමුවේ වසර ගණනාවක සිට ඊස්ටර් දූපත සමුද්‍ර ඛාදනයට ලක්වීමේ අවදානමකට මුහුණදී  ඇති බවයි. යම් දිනෙක ඊස්ටර් දූපත සමුද්‍ර ඛාදනයට ගොදුරු වුව හොත් එහි පිහිටි පෞරාණික වටිනාකමින් යුත් දැවැන්ත පිළිම ද අතුරුදන්ව යනු ඇති. සංචාරක පරාදීසයක් වන ඊස්ටර් දූපතට පෞරාණික වටිනාකමක් එක් කර ඇත්තේ, දශක ගණනාවක් පෙර රපා නියු ජනතාව විසින් ඉදි කරන ලද පෞරාණික ස්මාරකයි. වර්ග කිලෝමීටර් 163.6ක භූමි ප්‍රදේශයකින් යුත් 7,700ක පමණ ජනතාවක් ජීවත් වන ඊස්ටර් දූපතේ සුන්දරත්වය අත්විඳීමට පැමිණෙන වාර්ෂික සංචාරක සංඛාව 100,000කට අධික ය. ඊස්ටර් දූපතේ මුල් පදිංචිකරුවන් වන රපා නියු ජනතාව විසින් වර්ෂ 1250 සහ 1500 අතරදී නිර්මාණය කරන ලද Moai පිළිම හේතුවෙන් ඊස්ටර් දූපත ලෝක උරුමයක් ලෙස නම් කෙරිණ.   දැනට සිදුවන කාලගුණික විපර්යාසයන්ට අනුව විද්‍යාඥයින් මත පළ කරන්නේ, 2100 වන විට මුහුදු මට්ටම අඩි 5කින් හෝ 6කින් පමණ ඉහළ යනු ඇති බවටයි. ඊස්ටර් දූපතට අමතරව කිරිබාති දිවයින ද මුහුදු ඛාදයට ලක්වීමේ අවදාමට මුහුණ දී සිටින තවත් දූපතකි. කිරිබාති වැසියන් ලොව පළමු දේශගුණික විපර්යාස සරණාගතයින් වනු ඇති බවට බවට බොහෝ දෙනා මත පළ කරති. සංචාරකයින් මෙන් ම පෞරාණික වශයෙන් අතිශය වැදගත් ඊස්ටර් දූපතේ රැක ගැනීමට ක්‍රියා නොකළ හොත් රපා නිය්‍යු ජනතාව දුන් ඉතිහාසයේ පණිවුඩය දුරේදීම මහපොළොවෙන් අතුරුදන්ව යනු ඇති.