අතුරුගිරිය වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි

අතුරුගිරිය වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි

by Staff writer 20-03-2018 | 7:21 AM
COLOMBO (Newsfirst) - අතුරුගිරිය ඔරුවල ගල්වරුස පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් සමයන් නමැති පාතාල කල්ලි සමාජිකයාගේ ගෝලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි සමාජිකයාගේ කණ්ඩායමෙන් එම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියක යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇති බව ය. වෙඩි තැබීමෙන් මිය ගියේ, කඩුවෙල කොරතොට පුවක්දෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.