අගමැතිට එරෙහි විශ්වාසභංගය අද ගෙන එයි ද?

අගමැතිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට ගෙන එයි ද?

by Staff writer 20-03-2018 | 6:48 AM
COLOMBO (Newsfirst) - අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තු සතිය කාගේත් අවධානයට යොමු වෙයි. කෙසේ වෙතත් වැඩි දෙනාගේ අවධානයට යොමු වන විශේෂ කාරණාව වන්නේ, අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව යි. එමෙන් ම එළැඹෙන සිකුරාදා දින බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තව ඇතුළු තවත් වාර්තා විවාදයට ගැනීමට නියමිත ය.