සාකච්ඡා අසාර්ථකයි, අනධ්‍යන වර්ජනය තවදුරටත්

සාකච්ඡා අසාර්ථකයි, අනධ්‍යන වර්ජනය තවදුරටත්

by Sagarika Chathumali 19-03-2018 | 7:12 AM

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමුතුව පවසයි.

එහි සම සභාපති එව්ඩව් මල්වත්තගේ මහතා පැවසුවේ, සිය වැඩ වර්ජනය අද දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. "ඊයේ සාකච්ඡාව අසාර්ථකයි, අද දිනයේත් සාකච්ඡාවක් පැවැත්වෙනවා ඒ අනුව තමයි වැඩවර්ජනය සම්බන්ධයෙන්න අවසන් තීරණයට එළැඹෙන්නේ" කෙසේ වෙතත් අද දිනයේත් තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව ත් එහිදී එළැඹෙන තීරණ අනුව සිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙන බව ද ඔහු සඳහන් කළේ ය. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අදට දින 20 ක් වේ. ඒ හේතුවෙන් මේ වන විට දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල කටයුතු අඩාලවී තිබේ. අධ්‍යයන කටයුතු හැරුණු විට ඇතැම් විශ්වවිද්‍යාල ආශ්‍රිතව සිදුකෙරෙන පශු වෛද්‍යය පීඨයන්ගේ ගොවිපොළ සායනික කටයුතු ද දින20 ක අනධ්‍යයන සේවක වර්ඡනයත් හේතුවෙන් ඇනහිට තිබේ.