විමල් වීරවංශ හා ජයන්ත සමරවීරට වරෙන්තු

විමල් වීරවංශ හා ජයන්ත සමරවීරට වරෙන්තු

by Sagarika Chathumali 19-03-2018 | 11:43 AM
COLOMBO (News 1st)  : ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද වරෙන්තු නිකුත් කළේ ය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණිමට විරුද්ධත්වය දක්වමින් 2016 පෙබරවාරි 6 වනදා මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම් ඇතුළු චෝදනා යටතේ පැවති නඩුවක් අද කැඳ වූ අවස්ථාවේ එම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනි නොසිටීම ඊට හේතවෙනි.