මානව හිමිකම් සැලැස්ම ජිනීවා කොමිසම හමුවට

මෙරට මානව හිමිකම් පිළිබඳ ඉදිරි සැලැස්ම ජිනීවා කොමිසම හමුවට

by Sagarika Chathumali 19-03-2018 | 10:18 AM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඉදිරි පස් අවුරුදු සැලැස්ම අද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාථ ආරියසිංහ මහතා පැවසුවේ, මූලික සැලැස්ම පසුගිය නොවැම්බර් මාසයේදී කොමිසම හමුවට ඉදිරිපත් කළ බවයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඉදිරි පස් අවුරුදු සැලැස්ම පසුගිය සිකුරාදා සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබුණ ද එහි සේවකයින් වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් අද දිනය කල් ගිය බව ඔහු පැවසී ය. රවීනාථ ආරියසිංහ මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාවේ පිළිබඳ වාර්තාව අනිද්දා සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බවයි.