මතුගම - කොළඹ බස් වර්ජනයක්

මතුගම - කොළඹ බස් වර්ජනයක්

by Sagarika Chathumali 19-03-2018 | 9:21 AM

COLOMBO (News 1st) : මතුගම - කොළඹ පෞද්ගලික බස් සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බස් රථ සේවකයින් දෙදෙනෙකුට පිරිසක් පහරදීමට විරෝධය පළ කරමින් ඔවුන් බස්  ධාවනයෙන් ඉවත්ව ඇති බවයි. පසුගිය සෙනසුරාදා පාසල් දරුවෙකු බස් රථයෙන් බැසීමට උත්සාහ කිරිමේදී අනතුරට ලක්වීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථ සේවකයින් දෙදෙනෙකුට පහර දී තිබේ. අප වාර්තාකරු පැවසුවේ බස් රථ සේවකයින්ගේ අපරීක්ෂාකාරි ධාවනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දොඩංගොඩ පොලීසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පහර දීමට ලක් වූ සේවකයින් දෙදෙනාගෙන් අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ත් පොලීසිය සඳහන් කළේ ය.