පුංචි ඡන්දයෙන් තේරී පත්වූවන්ගේ නාම ලේඛනය මෙන්න

පළාත් පාලන ආයතන 15ක තේරී පත්වූවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කෙරේ

by Hashini De Mel 19-03-2018 | 10:01 PM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 11ක පළාත් පාලන ආයතන 15ක් සඳහා නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගාරාධිපතිවරුන් සහ සභාපති උපසභාපති යන තනතුරු සඳහා පත් කරන ලද පුද්ගලයින්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මැතිවරණ කොමිසම පසුගිය සෙනසුරාදා මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ය. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ලෙස රෝසි සේනානායක මහත්මිය හා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස මොහොමඩ් ඉක්බාල් මහතා නම් කර ඇත. කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා ලෙස ගුප්තිල සිල්වා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස අනුර නන්දන කීර්ති මහතා නම් කෙරිණි. ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළ මහරගම නගර සභාවේ සභාපතිවරයා ලෙස ලක්රුවන් පියරත්න මහතා නම් කර ඇති අතර උපසභාපතිවරයා ලෙස සඳහන් වන්නේ ආර්. එම්. කරෝලිස් මහතායි. වත්තල, මාබෝල නගර සභාවේ සභාපතිවරයා ලෙස ෆොන්සේකා ගුණසේකර මහතාත් උපසභාපතිවරයා ලෙස විජය රාජා ප්‍රකාශ් මහතාත් නම් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාව සඳහා නන්දන ගුණතිලක මහතා සභාපතිවරයා ලෙස ත් පී. විල්මන් මහතා උපසභාපතිවරයා ලෙස ත් නම් කර ඇති බව අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් ය. බේරුවල නගර සභාවේ සභාපතිවරයා ලෙස මොහොමඩ් මසාහිම් මහතා ත් උපසභාපතිවරයා ලෙස මොහොමඩ් මුනව්වීර් මහතාත් නම් කර කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාව සඳහා නගරාධිපතිවරයා ලෙස චන්දන ලාල් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස යදර්ෂනා පුත්තිර සිගාමණි යන මහත් ම මහහත්මින් නම් කෙරිණි. එම දිස්ත්‍රික්කයේ ම නොර්වුඩ් ප්‍රාදේශීය සභාව සඳහා තංගරාජ් කිශෝකුමාර් සභාපතිවරයා ලෙස ත් කාලිමුත්තු සිවසාමි උපසභාපතිවරයා ලෙසත් ගැසට් පත්‍රයේ සඳහන් ය. යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ප්‍රාදේශීය සභාවේ සභාතිවරයා ලෙස එම්. ජෙයකාන්තන් මහතා පත්කර ඇති අතර කුණසීලන් කිලාරන්ස් උපසභාපතිවරයා වේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනාකරී ප්‍රාදේශිය සභාවේ සභාපති සහ උපසභාපතිවරුන් ලෙස පිළිවෙලින් අරුණාසලම් අය්යම්පිල්ලයි සහ සිවකුමාරන් ශ්‍රී රන්ජන් නම් කර ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ පුතුකුඩිඉරුප්පු ප්‍රාදේශිය සභාව සඳහා සභාපතිවරයා ලෙස එස්. ප්‍රේමකාන්ත් සහ උපසභාපතිවරයා ලෙස ‍‍කේ. ජනමේයන්ත් යන මහත්වරුන් නම් කෙරිණි. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස අතාවුල්ලා අහමඩ් සහි නම් කර ඇති අතර අබ්දුල් ගෆුර් අස්මි නියෝජ්‍ය නගරාධිපතිවරයා ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කදීර්ගාමර්තම්බි සුන්දරලිංගම් සහ උපසභාපතිවරයා ලෙස දේවනායගම් සංගර් යන මහත්වරුන් නම් කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර සභාවේ සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අදිකාරී මහතා ත් උපසභාපතිවරයා ලෙස ෂෙල්ටන් නිමල් පීරිස් මහතාත් ගැසට් පත්‍රයෙන් නම් කර ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නලින් ප්‍රියන්ත සුරියගේ මහතාත් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ජනක නිශාන්ත රත්නායක මහතා ත් නම් කර කෙරුණි. https://www.youtube.com/watch?v=MCmrFLKR3is