රවිනාථ ආරියසිංහ ජගත් මානව හිමිකම් මණ්ඩලය අමතයි

පසුගිය මාස 4 ඇතුළත සමහර නිර්දේශවල වර්ධනයක් පෙන්නුම් කරනවා - රවිනාථ ආරියසිංහ

by Chathuranga Rajapaksha 19-03-2018 | 10:33 PM
COLOMBO (Newsfirst) - ජිනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා අද ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වැනි සැසිවාරය ඇමතුවේය. "ශ්‍රී ලංකාව සම්බන්ධව පසුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාවට අනුව පසුගිය මාස 4 ඇතුළත සමහර නිර්දේශවල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල පසුගිය දින වල ඇති වු ගැටුම්කාරි තත්වයන් පිලිබඳව. රටේ මෙවන් ක්‍රියාවල නිතරවන සංවිධානාත්මක කණ්ඩායම්වලට අපේ ප්‍රජාතන්ත්‍රවාදි රටේ කිසි ඉඩක් නැහැ. නීතිඥානුකුලව එවැනි පුද්ගලයින් එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අප සුදානම්" https://www.facebook.com/NewsfirstSL/videos/1881537325239850/