පකිස්ථාන තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට

පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට

by Hashini De Mel 19-03-2018 | 4:17 PM

COLOMBO (News 1st) - හෙට ආරම්භ වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනුව එහි නායකත්වය හිමි ව ඇත්තේ, චමරි අතපත්තු හට ය. උපනායිකාව ලෙස නිපුනි හංසිකා කටයුතු කරණු ඇත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවන් වන ශෂිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර ද මෙම සංචිතයට ඇතුළත් වේ. ශ්‍රීපාලි වීරක්කොඩි, ප්‍රසාදිනි වීරක්කොඩි, දිළිණි මනෝදරා යන ප්‍රබල ක්‍රිඩිකාවක් ද සංචිතයට ඇතුළත් වේ.