ධීවරයින්ට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

ධීවරයින්ට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

by Hashini De Mel 19-03-2018 | 10:00 PM

COLOMBO (News 1st) - නිරිත දිග කලාපයේ වළාකුළු සක්‍රීයවීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ තද වැසි හා සුළං ඇති විය හැකි බැවින් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 ත් අතර වේගයක් පැවැතිය හැකි බවයි.