තලවතුගොඩ ඔයේ තිබූ රථය පැදවූ පුද්ගලයා හඳුනාගැනේ

තලවතුගොඩ ඔයේ තිබූ රථය පැදවූ පුද්ගලයා හඳුනාගැනේ

by Sagarika Chathumali 19-03-2018 | 12:47 PM

COLOMBO (News 1st) : පසුගිය දා තලවතුගොඩ ප්‍රදේශයේදී ඔයකට පෙරලුණු  සුඛෝපභෝගී මෝටර් රථය , මාදිවෙල පදිංචි අයෙකු වන ෆාහිම් මොහොමඩ් හුසේන් නමැත්තාගේ බවට තහවුරු වී තිබේ.

එම රථය මේ වනවිට තලංගම පොලීසිය භාරයේ ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම රථයේ ලියාපදිංචි අයිතිකරු විසින් ම අනතුරට සිදුවන අවස්ථාවේ රථය පදවා ඇති බවයි. ඒ බව බව සිදුකළ විමර්ශනවලදී සටහන් කරගත් ප්‍රකාශ සහ cctv දර්ශනවලින් තහවුරු වී ඇති බව ද පොලSසිය සඳහන් කලා. රිය අතුරක් සිදුකර පලා යාම සම්බන්ධයෙන් එම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට සඳහා තලංගම පොලීසිය මේ වනවිට විමර්ශන සිදුකරන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.