කොළඹ මැසෙන්ජර් වීදියේ වෙඩි තැබීමක්

 මැසෙන්ජර් වීදියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by Sagarika Chathumali 19-03-2018 | 11:52 AM
COLOMBO (News 1st) : කොළඹ, මැසෙන්ජර් වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරු 10.55 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු එම මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, කාන්තාව මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය පැවසී ය. සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1881359785257604/