කසළ වෙන් නොකරන කොළඹ ජනතාව නීතිය හමුවට

කසළ වෙන් නොකරන කොළඹ ජනතාව නීතිය හමුවට

by Sagarika Chathumali 19-03-2018 | 3:06 PM

COLOMBO (News 1st)  : මින් ඉදිරියට සිය සභා බල ප්‍රදේශය තුළ වෙන් නොකරන ලද කසළ භාර නොගැනීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබේ.

වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, වෙන් කීරීමකින් තොරව පරිසරයට කසළ මුදා හරින පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ සඳහා පරිසර පොලීසිය මෙන්ම නගර අලංකරණ හමුදා ඒකකය විශේෂ වැටලීම් කණ්ඩායම් අනුයුක්ත කරන බව ද ඔහු පැවසී ය. පසුගිය දින 10ක පමණ කාලයක් වෙන් නොකළ කසළ භාර නොගැනීම නිසා මරදාන, මාලිගාවත්ත, පංචිතාවත්ත , කොම්පඤ්ඤ වීදිය, බොරැල්ල ඇතුළු කොළඹ නගරයේ තැන තැන කසල ගොඩ ගැසී තිබෙනු දක්නට ලැබිණ. එහෙත් එම සියලු කසළ ගොඩවල් ඊයේ ඉවත් කළ බව ත් මින් ඉදිරියට වෙන් නොළ කසළ භාර නොගන්නා ලෙස සියලු සේවකයින්ට උපදෙස් දුන් බව ත් වැඩ බලන නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසී ය. දිරන නොදිරන ලෙස කසළ වෙන් කර භාර නොදුන හොත් නීතිමය වශයෙන් මෙන් ම පාරිසරිකව ද ජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බැවින් කසළ වෙන් කර ලබා දෙන ලෙස කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී සිටී.