විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ අත්සන් කරයි ද?

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අත්සන් කරයි ද?

by Chathuranga Rajapaksha 19-03-2018 | 8:41 PM
COLOMBO (Newsfirst) - අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව. මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවකි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ දිනවල විශ්වාසභංග යෝජනාවට එරෙහිව සිය අත්සන් තබමින් සිටින බවට අපට තොරතුරු වාර්තා වෙයි. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට එරෙහිව අත්සන් තබයිද? මේ පිළිබඳව මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළේය. "ඔව් ඉතින් ඒවා තීන්දු කරන්න ඕනේනේ. අපි තීන්දු කරලා තියෙන්නේ. හැමෝම අත්සන් කරනවා නායකයින්. කිසි ගැටළුවක් නැතුව කරනවා" https://www.facebook.com/NewsfirstSL/videos/1881423025251280/