පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට

පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට

පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට

කර්තෘ Hashini De Mel

19 Mar, 2018 | 4:17 pm

COLOMBO (News 1st) – හෙට ආරම්භ වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනුව එහි නායකත්වය හිමි ව ඇත්තේ, චමරි අතපත්තු හට ය.

උපනායිකාව ලෙස නිපුනි හංසිකා කටයුතු කරණු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවන් වන ශෂිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර ද මෙම සංචිතයට
ඇතුළත් වේ.

ශ්‍රීපාලි වීරක්කොඩි, ප්‍රසාදිනි වීරක්කොඩි, දිළිණි මනෝදරා යන ප්‍රබල ක්‍රිඩිකාවක් ද සංචිතයට ඇතුළත් වේ.