සිංහල කතා කරන ඉන්දියාවේ රෝහිත් ෂර්මා

සිංහල කතා කරන ඉන්දියාවේ රෝහිත් ෂර්මා

by Chathuranga Rajapaksha 18-03-2018 | 3:21 PM
COLOMBO (Newsfirst) - ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ රෝහිත් ෂර්මා සිංහල කතා කරනවා කිව්වොත් ඔබ පුදුම වේවී. නමුත් ඔහු මේ දිනවල නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත ඔහු සිංහ භාෂාව ඉගෙන ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳ තොරතුරු අපට වාර්තා විය. මෙම තරග සංචාරය තුළ ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන රෝහිත් ෂර්මා සිංහල ඉගෙන ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්හී ප්‍රසිද්ධ ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු වන ගයාන් සේනානායක සහ නිලාම් මොහොමඩ්ගෙනි. මෙවැනි භාෂාවක මූලික දේවල් ඉගෙන ගැනීම ඉතාම වැදගත් බව ෂර්මා එම අවස්ථාවේදී පවසා තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට තමන් කැමති බව ත් එබැවින් භාෂාව ද තමන්ට ඉතා වැදගත් බව ෂර්මා සඳහන් කළේය. මේ පිළිබඳව තම කණ්ඩායමේ අනිකුත් සගයින්ට ද අවබෝධ කර දෙන බව රෝහිත් ෂර්මා වැඩි දුරට ත් කියා සිටියේය. https://www.youtube.com/watch?v=R5XCjD24Mmk