වෙන් නොකළ කසළ අද සිට භාර ගන්නේ නැහැ

වෙන් නොකළ කසළ අද සිට භාර ගන්නේ නැහැ - කොළඹ මහ නගර සභාව

by Chathuranga Rajapaksha 18-03-2018 | 7:15 AM
COLOMBO (Newsfirst) - කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වෙන් නොකරන ලද කසල අද සිට භාර නොගැනීමට තීරණය කර තිබේ. වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, කසල වෙන් කීරීමකින් තොරව පරිසරයට මුදා හරින පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ය. ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් අනුයුක්ත කරන බව ද ඔහු සඳහන් කළේය. කොළඹ නගරයේ තැන තැන පසුගිය දින කිහිපයේ කසළ ගොඩගැසී තිබෙන ආකාරය දක්නට ලැබුණි. මේ වනවිට එම කසළ තොග ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. නමුත්, අද සිට වෙන් නොකරන ලද කසළ භාර නොගන්නා ලෙස සියලු සේවකයින්ට උපදෙස් දුන් බව ද කොළඹ මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.