මිග් යානා ගනුදෙනුවේ වැදගත් තොරතුරු රැසක් හෙළි වෙයි

වංචනික මිග් යානා ගනුදෙනුවේ වැදගත් තොරතුරු රැසක් හෙළි වෙයි

by Hashini De Mel 18-03-2018 | 8:35 PM

COLOMBO (News 1st) - මිග් යානා ගනුදෙනුව සම්බන්ධ ගිවිසුම රජයන් දෙකක් අතර අත්සන් කරණු ලැබු ගිවිසුමක් බවට හැඟවූව ද එය හමුදා භාණ්ඩ අපනයන සමාගමක් වන යුක්‍රේන් මාෂ් සමාගම සහ එවක ගුවන් හමුදාපතිවරයා සමග ඇතිකරගත් දුෂිත ගිවිසුමක් බවට පත් ව ඇති බව පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වර්තා කර තිබේ.

එම පුවත්පත පෙන්වා දෙන්නේ, යුක්‍රේන් නීතිපතිවරයා මෙම ගනුදෙනුවේදී මූල්‍ය අපරාධයක් සිදු ව ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට තහවුරු කර ඇති බවයි. පසුගිය වසෙර් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් යුක්‍රේනයේ කිව් නගරයට ගොස් එරට නීතිපතිවරයා සහ යුක්‍රේන් මාෂ් සමාගමේ ඉහළ නිලධාරීන් සමග හමුවක් පවත්වා තිබෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කළේ ය. එහිදී මිග් 27 ශ්‍රී ලංකාවට අළෙවි කිරීම සහ පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කණ්ඩායම් නායක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා යුක්‍රේන් මාෂ් හී ඉහළ නිලධාරියෙකු විමසා ඇති බව ද පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ එවිට යුක්‍රේන් මාෂ් පෙරලා යළි විමසා ඇත්තේ, මොන විකිණිම ද යනුවෙන් සහ කිසිදු මිග් 27 යානයක් ශ්‍රී ලංකාවට අළෙවිකර නොමැති බව තහවුරු කර තිබේ. ඒ අනුව සන්ඩේ ටයිම්ස් පෙන්වා දෙන්නේ වසර තුනක පරීක්ෂණ තුළින් හෙළි වූ කරුණු අනුව 2006 ජුලි 26 වන දා ඇතිකර ගත් ගිවිසුම ව්‍යාජ එකක් බවයි. එමෙන් ම යුක්‍රේන් මාෂ් ශ්‍රී ලංකාවට යානා අළෙවි නොකළ බව පැවසුව ද ඔවුන් ඒවා අළෙවිකර ඇත්තේ, බෙල්මිස්සා හෝල්ඩින්ග්ස් සමාගමට බවත් ය. මෙම කරුණු තහවුරු කරමින් වොර්ෂින්ටන් හී ඩර්ක් වෝල්ටර්ස් නැමති මූල්‍ය පරීක්ෂණ ආයතන ද මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වාර්තාවක් සපයා තිබේ. බෙල්මිස්සා හෝල්ඩින්ග්ස් හී අධ්‍යක්ෂ සිංගප්පුරු ජාතික ලී තියෑන් සූ ඩී. එස්. එලයන්ස් නැමති සිංගප්රු සමාගමේ එ කළමනාකාර අධ්‍යක්ෂකරවයා යි. සන්ඩේ ටයිම්ස් පුවත් පත පැවසූවේ, පරීක්ෂණවලින් අනාවරණයවී ඇත්තේ බෙල්මිස්සා හෝල්ඩින් හරහා යුක්‍රේන් බලධාරීන් ඩී. එස්. එලයන්ස් සමාගම සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවට සහ එම ගිවිසුම් දෙකටම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුදල් ගෙවා ඇති බවයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ වාර්තාවට අනුව යුක්‍රේන් මාර්ෂ් හී අධ්‍යක්ෂකවරයෙක් වන දිමිත්‍රි ඇලෙක්සැන්ඩෝරවිච්ච්, ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග, ඩීස්. එලයන්ස් කළමනාකාර අධ්‍යක්ෂ, ලි තියැන් සූ ,බෙල්මිස්සා හෝල්ඩින්ග්ස් ලිමිටට් හී නියෝජිතයෙක්වන කියුකොලා කුල්ඩික්‍රයිව් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් මෙම මූල්‍ය අපරාධය, කුමන්ත්‍රණය සහ මුදල් විශ්‍රද්ධිකරය සඳහා දායකවී ඇති බවයි. මෙම ව්‍යාජ ගිවසුමේ මුල්පිටපත ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයෙන් අතුරුදන් වී ඇති බවත් ඊට වගකිව යුතු නිලධාරියාව හඳුනාගෙන ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔහු පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය උපදෙස් ඉල්ලා සිටි බවත් සන්ඩේ ටයිම්ස් පවසා ඇත. කෙසේ වෙතත් එම ව්‍යාජ ගිවිසුමේ තව ත් සහතික කළ පිටපතක් සොයාගෙන අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එය අධිකරණයට භාරදී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගනුදෙනුවට අදාළව මුදල් බෙලිමිස්සා හෝල්ඩින් ලිමිටට් සමාගමට මුදල් ගෙවා ඇති අතර එම සමාගමේ ලන්ඩනහී ඇත්තේ ලිපිනයක්, පුටුවක් සහ මේසයක් පමණක් බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කළේ ය. එම සමාගම මුදල් බ්‍රිතාන්‍යයේ වර්ජින් අයිලන්ඩ්හී රහසිගත ගිණුමකට මෙම මුදල් බැරකර ඇති බව ද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් ය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පරීක්ෂණ අනුව යුක්‍රේන් මාෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන දිමින්ත්‍රී ඇලෙක්සැන්ඩ්‍රොවිච් මෙම ගිවිසුමට අත්සන් කර ඇති බව ත් පසු ව ඔහු යුක්‍රේනයට පැනගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන් ය. පසු ව යුක්‍රේන බලධාරින් ඔහුව පැරිසියේදී අත්ඩඩංගුවට ගෙන ඇත. https://www.youtube.com/watch?v=d5hRA67gImA