මහේන්ද්‍රන් සොයන රහස් පොලීසියේ මීළඟ උපක්‍රමය

මහේන්ද්‍රන් සොයන රහස් පොලීසියේ මීළඟ උපක්‍රමය

by Hashini De Mel 18-03-2018 | 4:34 PM

COLOMBO (News 1st) - මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට භාර දෙන ලෙස සිංගප්පූරු අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලිමක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ, අන‍යෝන්‍ය නීතිමය සහයෝගිතාව මත ය. ඒ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පූරු අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ. මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී  ම අධිකරණය දැනුම් දුන්න ද ඔහු මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැත. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළේ ය.