උපුල් දිසානායක යළිත් පේරාදෙණියේ උපකුලපති ධූරයට

පේරාදෙණියේ උපකුලපති ලෙස මහාචාර්ය උපුල් දිසානායක පත්වෙයි

by Hashini De Mel 18-03-2018 | 6:46 PM

COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස මහාචාර්ය උපුල් දිසානායක මහතා යළි තේරී පත් ව තිබේ.

ඒ, නව උපකුලපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 23 ක් ලබා ගනිමිනි. ඔහු සමග තරග වැදුණු මහාචාර්ය සමත් ධර්මරත්න මහතා ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 07කි. මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඡන්ද 06ක් ලබා ගෙන තිබේ. ඡන්ද විමසීම පැවැත්වුයේ පාලක සභාව රැස්වීමෙන් පසුව ය. ඒ අනුව, අගෝස්තු 01 වන දා නව උපකුලපතිවරයා පත්වීමට නියමිතව තිබේ. උපකුලපති ධූරයට තරග වැදුණු අපේක්ෂක නාමලේඛනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත් කිරීම සිදු කරණු ලැබීය.