නිදහස් කුසලානයේ ශූරතාව ඉන්දියාවට

තියුණු තරගයකින් පසු නිදහස් කුසලානයේ ශූරතාව ඉන්දියාවට

by Hashini De Mel 18-03-2018 | 10:56 PM

COLOMBO (News 1st) - ඉන්දීය කණ්ඩායම නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් තරගයේදී බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් කරමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය.