2017 සා/පෙළ ප්‍රතිඵල ලබන 28

2017 සා/පෙළ ප්‍රතිඵල ලබන 28 නිකුත් කෙරේ

by Staff writer 17-03-2018 | 1:44 PM
COLOMBO (Newsfirst) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වන දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ය. පසුගිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 685,000කි. මේ අතර 2018 දහම් පාසල් අවසන් විභාගය ලබන 24 හා 25 යන දිනවල දිවයින පුරා මධ්‍යස්ථාන 654කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.