බංග්ලාදේශයෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්?

ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්?

by Chathuranga Rajapaksha 17-03-2018 | 2:52 AM
COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණි. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු විය. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි. තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදුවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1878011705592412/