ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු වැඩි වෙයි

ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු වැඩි වෙයි

by Staff writer 17-03-2018 | 11:11 AM
COLOMBO (Newsfirst) - ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. අබේවික්‍රම මහතා පැවසුවේ, ඒ සඳහා අවසරය ලැබී ඇති බව ය. ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අගදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය. දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, අවම ගාස්තුව වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී නොමැති බව ය. මේ වන විට දුම්රිය අවම ගාස්තුව රුපියල් 10කි. රුපියල් 10කින් ගමන් කළ හැකි දුර ප්‍රමාණය වෙනස් කිරීමට අවධානය යොමු වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.