මස්ටෑන්ග් කුසලානයේ ජය ශාන්ත තෝමස් විදුහලට

රාජකීය විද්‍යාලයට එරෙහි එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

by Chathuranga Rajapaksha 17-03-2018 | 5:51 PM
COLOMBO (Newsfirst) - කොළඹ, රාජකීය කණ්ඩායම පරදා 43 වැනි වරට පැවති මස්ටෑන්ග් කුසලානය ලකුණු 131කින් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත් විය. තරගය පැවැත් වුණේ කොළඹ එස්.එස්.සී පිටියේදී ය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 216 ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය රාජකීය ක්‍රීඩකයින්ට පන්දුවාර 33 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 85 ක් පමණි.