by Chathuranga Rajapaksha 17-03-2018 | 6:09 PM
COLOMBO (Newsfirst) - මහනුවර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ සාපරාධි ක්‍රියාවලට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් 10 දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, සැකකරුවන් අද තෙල්දෙණිය හා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
අමිත් ජීවන් වීරසිංහ ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සුරේ ද සුරවීර ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.