බිබිල නාය යාමේ අවදානම සම්බන්ධයෙන් පරීක්ෂණ

බිබිල නාය යාමේ අවදානමකින් පවුල් 51ක් ආරක්ෂිත ස්ථාන වෙත

by Staff writer 17-03-2018 | 9:06 AM
COLOMBO (Newsfirst) - බිබිල, මලබටුහෙළ කඳු යායේ පවතින නාය යාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහි නාය යාමේ අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා පැවසුවේ, ඒ සඳහා පුද්ගලයින් කණ්ඩායමක් අද එම ප්‍රදේශයට පිටත් කර හරින බව ය. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, නාය යාමේ අවදානම හේතුවෙන් ඉවත් කළ පවුල් 51ක සාමාජිකයින් මේ වන විට ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා සිටින බව ය. එම පුද්ගලයින්ට සහන සැලසීම මේ වන විට ආරම්භ කර ඇති බව කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.