දියවන්නාවට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු කවුද?

දියවන්නා ඔයට පෙරළුණු සුඛෝපභෝගී මෝටර් රථයේ සැබෑ හිමිකරු කවුද?

by Chathuranga Rajapaksha 17-03-2018 | 9:52 PM
COLOMBO (Newsfirst) - තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට පෙරලී තිබුණු සුඛෝපභෝගී මෝටර් රථය කොළඹ 5 ප්‍රෙද්ශයේ පිහිටා ඇති මෝටර් අලෙවි කරන සමාගමට අයත් එකක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. නමුත් අද පස්වරුව වනතෙක් වාහනයේ හිමිකරු හෝ රියැදුරු පොලීසියට ඉදිරිපත්වී තිබුනේ නැහැ. පොලිසිය පැවසුවේ තව ත් මෝටර් රථ දෙකක ගැටීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය මෙලෙස ඔයට පෙරළී ඇති බව ය. අනතුරින් කිසිවෙකුත් තුවාල ලබා නැතැයි පොලීසිය සඳහන් කළේය. ඇසින් දුටුවන් "උදේ 6ට විතර ඇති ආවේ මේ පැත්තේ ඉදලා ගොඩක් වේගයෙන් ආවා කාර් එක් ආපු ගමන් කේලින්ම වැවට ගියා මේහෙන් තව ආව වහන දෙක්ක ඒ දෙකේත් වද්දගෙන තමා ගියේ දෙන්න ත්‍රිවිල් ඒක පැනලා ගිහිල්ලා" "කලබ් ඒකේ ඉදලා එළියට එනවා මං ලඟට එනකමි දැක්කේ නැහැ හුගක් වේගයෙන් ආවේ ඒකේ පිකප් එක් වැඩියි. මං බේරේක් කළා බේරේක් කළාට පස්සේ මගේ කාර් එක් අංශක 90ක් හැරුණා. අනෙත් වහනේ ආවේ තලවතුගොඩ පැත්තේ ඉදලා ඒකෙත් වැදිලා කේලින්ම ඇළට වැටුනා " https://www.facebook.com/NewsfirstSL/videos/1879098492150400/